වෘත්තීය පුහුණු අධිකාරිය අන්තිම අඩියේ – කෝප් කමිටුවේදී කියයි

ජාතික වෘත්තිය පුහුණු අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ආයතනය බිඳ වැටීමේ අවසන් අඩියට පැමිණ ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව දී එනම් කෝප් කමිටුවේදී එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කීවේය.

වෘත්තිය පුහුණු අධිකාරිය දෙවැනි වරට ඊයේ (09) කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර එහිදී සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා,

“වෘත්තීය පුහුණු අධිකාරිය ඉතාම නරක තැනක අද තියෙන්නේ. අපි කැඳවීමක් කළා කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයෙක්. එතුමා අද පැමිණ නෑ. එතුමා කාර්යාංශය බිඳ වැටීමේ අවසාන ඇණයත් ගහලා ගිහින් තියෙන්නේ. අමාත්‍යාංශය නිසි ආකාරයෙන් මේකේ නිරීක්ෂණ කටයුතු කරලා නෑ. විගණකාධිපතිතුමා නිර්දේශ කළා ස්වාධීන විගණනයක් කරන්න ඕනේ මසක් ඇතුළත ඒ වාර්තාව අපට සපයන්න ඕනේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ප්‍රධාන නිල 10ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහර අය ගෙදර යවලා සමහර අය ස්ථානමාරු. දැන් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියව මාස 4ක් ගෙදර තියලා රු 486,616.16ක වැටුප් ගෙවීමක් කරලා තියෙනවා. ඒක කාගෙන්ද අපි අයකරන්නේ. ඔබතුමන්ලා ආරම්භ නොකරන ලද පාඨමාලා සඳහා විශාල මුදලක් ගෙවලා එක එක භාණ්ඩ ගෙවලා තියෙනවා.”
යැයිද කීවේය.

Exit mobile version