වී අස්වනු පෞද්ගලික වෙළෙදුන්ට මංකොල්ලකෑමට ඉඩ නොදෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලීමක්

වී කිලෝවක් නිපදවන්න රු. 99.50ක් වියදම් වෙද්දි වෙළෙඳුන්ට කිලෝවක් අලෙවි වන්නේ රු.75කට

(අනුරාධපුර – පර්සි කුරුනේරු )

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් අනූ නවයයි සත පනහක මුදලක් වැය වන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවම පවසන මොහොතක පෞද්ගලික වෙළදුන්ට මෙවර යල කන්නයේ වී කිලෝවක් රුපියල් හැත්තෑවත් හැත්තෑ පහත් අතර මිලකට අලවි කිරීමට මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට සිදුවී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න පැවසීය.

මේ අනුව ගොවීන්ගේ වී අස්වනු පෞද්ගලික වෙළෙදුන්ට මංකොල්ලකෑමට ඉඩ ලබා නොදී වී කිලෝවක අවම වශයෙන් රුපියල් එකසිය තිහක සහතික මිලක් ලබාදීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලා සිටින බවද සුසන්ත කුමාර නවරත්න සදහන් කළේය.

අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධාන වල නායකයන්යැයි කියාගන්නා පුද්ගලයන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට රටේ සිටින ගොවි ජනතාවගේ අයිතිය හා සැබෑ සටන පාවා දී ඇති බවත් එම නායකයින්ට රටේ ගොවි ජනතාවම ඉදිරියේදී උත්තර ලබා දෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිෂ්පාදන පිරිවැයට ගැලපෙන පරිදි ගොවි ජනතාවට ජීවත්වීමට ඉඩදෙන්න යන සටන් පාඨය යටතේ වී කිලෝවක් රුපියල් එකසිය එකසිය තිහක සහතික මිලක් ලබා දෙන ලෙසත් ගොවියාව බහුජාතික සමාගම් වල වහලුන් බවට පත්කරන කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආපස්සට හරවාගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය

Exit mobile version