වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවෙන් 75ක් භාවිතා කර නෑ… ගබඩා 23 ප්‍රයෝජනයට ගත නොහැකි සේ අබලන්…

ලලිත් චාමින්ද – 

වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 24ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම වර්ෂයේ (2022) මාර්තුමස 31 වැනිදින වනවිට  වි අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාල 07ට අයත් ගබඩා සංඛ්‍යාව 315කි. එවායේ ධාරිතාවය  මෙට්‍රික්ටොන්  310,720කි. එහෙත් එම  ගබඩාවල මෙට්‍රික්ටොන් 75 237ක ධාරිතාවයක් පමණක් භාවිතාකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එය සමස්ත ගබඩා ධාරිතාවයෙන් සියයට 24කි. එමෙන්ම 2021/2022 මහ කන්නයේ දි  වී තොග නොලැබිම හේතුවෙන්  ගබඩා 87ක් ප්‍රයෝජනයට ගෙන තිබුණේ නැත.    අබලන් තත්වයේ පැවති  ගබඩා 23ක් ප්‍රයෝජනයට නොගෙන තිබුණි.

 2018 /2019 මහ කන්නයේ දි  මුළු වි අස්වැන්නෙන්  සියයට 10ක වී මිලදිගැනිම සඳහා  වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ධාරිතාවයක් පැවතුණි. එහෙත් එම කන්නයේ දි මුළු වී අස්වැන්නේ මිලදි ගෙන තිබුණේ සියයට  1ක් පමණි. ගබඩා ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ  සියයට 15කි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වී අලෙවිමණ්ඩලය  සතු ගබඩා  දිර්ඝ කාලයක සිට  ඌණ උපයෝජිතව පවතින  බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

 

Exit mobile version