වීරකැටිය දරුවාගේ ඝාතකයා පොලිසියට කොටු වේ…

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී  14 හැවිරිදි දරුවෙක්  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ රක්ෂිත කැලෑබද ප්‍රදේශයක සැඟවී සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

පසුගිය 19වන දා රාත්‍රී 10ට පමණ    සිදුකළ වෙඩිතැබීමකින් මෙම දරුවා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

ඊයේ (21) රාත්‍රීයේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ  වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්  පිරිසක් විසිනි.


සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු  වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියද පොලීසිය විසින් සොයාගෙන ඇත.

එමෙන්ම අනෙක් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත තවත් ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් අද (22) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Exit mobile version