“වීඩියෝ ප්‍රකාශය දුන්නේ පක්ෂය කැඩෙන්න කලින්”

කරූ ජයසූරිය කියයි

හිටපු කථානායක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට විනය පරීක්ෂණ කමිටුවට කැඳවීමට තුඩු දුන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරන්ද වැලිඅංගේ මහතා අගයමින් තමන් ලබාදුන් ප්‍රකාශය ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතයකු ලෙසින් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කාලයේ ලබා දුන් එකක් බව කරූ ජයසූරිය මහතා පවසයි.

මේ පිළිබඳ ව ලංකාසර කළ විමසීමකදී ඊට පිළිතුරු දුන් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ එවකට ඉතා දක්ෂ තරුණ නායකයකු ලෙස ඔහු විසින් සිදු කළ වැඩ කොටස අගයමින් මෙම වීඩියෝ ප්‍රකාශය 2019 වසරේ සැප්තැම්බර් මස 03 වැනිදා ලබා දුන් බවය.

“ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා එම කාලය තුළ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව යොවුන් පාර්ලිමේන්තු සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඔහු පිළිබඳව ප්‍රසාදයක් මට තිබුණා. එක්සත් ජාතික පක්ෂය කිසිඳු ආකාරයකින් දෙකඩ වී තිබුණේ නෑ. මේ කාලයේ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හිටපු අග‍්‍රාමාත්‍ය පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියා.


ඒ වනවිට සමගි ජන බලවේගය නමින් දේශපාලන පක්ෂයක් බිහි වීම පිළිබඳ ව අදහසක්වත් තිබුණේ නෑ. සමගි ජන බලවේගය බිහි වූයේ ඉන් මාස ගණනාවකට පසුයි.එරන්ද වැලිඅංගේ මහතා ඉදිරියේදී තමා පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටින බැවින් තමා පිළිබඳ ඇගයීමක් සිදුකරන ලෙස වරක් මගෙන් ඉල්ලා සිටියා. එය සිදුවුණේ 2019 සැප්තැම්බර් මාසේ 03 වනිදා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මට ඔහු ගැන තිබුණු ප්‍රසාදය නිසා මම එය ලබා දුන්නා“ යයි පැවසූ හිටපු කථානායකවරයා දේශපාලනික ව විනාශ වී අවසන් අය පිදුරු ගසේ එල්ලීමට උත්සාහ දරන අසාර්ථක පුද්ගලයන් අතලොස්සක් ව උගත් තරුණයෙකු පිළිබඳව පළ කරන ලද අදහසක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන ලද ප‍්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට කරනු ලබන නිර්ලජ්ජිත උත්සාහයක් බව පෙනී යන්නේ යයි ද “ ඔහු පැවසීය.

Exit mobile version