වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානයක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කොවිඩ්-19 ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අවුරුදු 79ක් වයසැති ඒ මහතා මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ IDH රෝහලට ඇතුළත් කළ අතර පසුව රෝගය උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිණ.

1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් හපුතලේ ආසනයට තරග කරමින් පාර්ලිමේන්තුවට පත් වූ ලොකු බණ්ඩාර මහතා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරය, අධ්‍යාපන සංස්කෘතික කටයුතු සහ මාධ්‍ය අමාත්‍ය ධුරයද ඉසිලීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1994 වසෙර් සිට විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙසින් ද කටයුතු කළ ලොකු බණ්ඩාර මහතා 2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසින් ද කටයුතු කල අතර ඉන් පසුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කෙළ්ය.

Exit mobile version