විස පොල්තෙල් ගෙනා සමාගම් 04 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෙළි කරයි..

විස සහිත ආනයනික පොල් තෙල් ලංකාවට ගෙන්වනු ලැබුවේ සමාගම් 04ක් විසින් බවත්,  අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේනා මිල්ස් පිරිපහදුව, එඩ්රිසිං එඩ්බල් ඔයිල් සහ කටාන පිරිපහදුව එම සමාගම් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියයි.

මෙම ආනයන කරුවන් කලක් තිස්සේ පොල් තෙල් ආනයනය කරන බව එම ආයතනය පවසයි. මෙම ආයතන විසින් මෙතෙක් ආනයනය කළ පොල් තෙල්වල සාම්පල පරීක්ෂා කර එම පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකය එක්ව තත්වය සුදුසුනම් පමණක් අනුමැතිය ලබා දුන් බවත් රට තුළ ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමවේදය බවත් ප්‍රමිති කාර්යාංශය වැඩි දුරටත් පෙන්වා දෙන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ ජනතාවට අහිතකර කිසිම අහිතකර වෙළෙඳ භාණ්ඩයක් හෝ ආනයනික ආහාරයක් සඳහා ප්‍රමිති ආයතනයේ අනුමැතිය නොලැබෙන බව අවධාරණය කරන බවත්, සෞඛ්‍යයට අහිතකර පොල් තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඉහළ නිලධාරීන් අවසර දී ඇතැයි පැවසීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.


 

Exit mobile version