විසි වැනි සංශෝධනයේ සම්පූර්ණ වගකීම ජනපති අතට

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකා පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ අද (16) සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

20 වැනි සංශෝධනය තාවකාලිකව ගෙන එන්නක් බවත් ජනතාවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ඒමට අදාළ පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාසරට පැවසීය.

කෙටුම්පතක් කරන ලද 20 වැනි සංශෝධනය යළි සලකා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ඒ පිළිබඳව සකස් කරන ලද වාර්තාව අද කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළද මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවක් සිදුව නොමැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද ජනාධිපතිවරයා සහ මෙම කමිටුව අතර ඉදිරියේදී දීර්ඝ වශයෙන් අදාල කටයුත්ත පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Exit mobile version