විෂය භාර අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබා දෙන්නේ යැයි වෙහෙරගල ගොවිහු ඊයේ විරෝධතාවයේ …..

විෂය භාර අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබා දෙන්නේ යැයි වෙහෙරගල ගොවිහු ඊයේ විරෝධතාවයේ .....

මනම්පිටිය නිමල් ජයරත්න

විෂය භාර අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබා දීමට සැලසුම් කර තිබෙන බවට පවසමින් වෙහෙරගල පාරම්පරික බඩ ඉරගු ගොවීන් පිරිසක් අද 09 වෙනිදා පෙරවරුවේ වෙහෙරගල මහවැලි කොට්ඨාශ කාර්යාලය වටලා විරෝධතාවයක නිරත වූහ.

මහවැලි සී කලාපයට අයත් වෙහෙරගල අරුණලු ගොවි සංවිධානයේ සභාපති කුෂාන් උමයංග මහතාා ඇතුළු පාරම්පරික බඩඉරිඟු ගොවීන් සීයකට ආසන්න පිරිසක් වෙහෙරගල මහවැලි කොට්ඨාශ කාර්යාලයට පැමිණ තම පාරම්පරික බඩ ඉරිගු ගොවීන්ටද ඉරිඟු බීජ ලබාදෙන ලෙසට විරෝධතාවය සිදු කළහ.


වෙහෙරගල මහවැලි කොට්ඨාස කළමනාකාරවරයා විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලත් ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඇතැම් හිස් ඉඩම් ලේඛනයක්ද ඊට ඇතුළත් කරමින් මෙම ඉරිඟු බීජ ලබාදීමට සූදානම් කර තිබෙන බවත්, ඉරුගු බීජ වෙළඳසැල්වලට පවා මහවැලි නිලධාරීන් විකුණා ඇති බවට විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළහ.

ඉරිඟු වගා කිරීමට මෙවැනි විට මූලික බිම් සකස් කර තිබෙන වකවානුවක ඉරිඟු බීජ ලබානොදීම බලවත් අසාධාරණයක් බවත් මීට පෙර ගොවීන් විසින් ලබාදුන් ලේඛනයකට බීජ ලබාදුන් බවත්, මෙම කන්නේ සිට විෂයභාර අමාත්‍යවරයාගේ බිම් මට්ටමේ කොට්ඨාශ සංවිධායකයන් සහ ග්‍රාමීය සංවිධායකයින් හරහා ලේඛනයක් ලබාගෙන මෙම ඉරිඟු බීජ ලබාදීම බලවත් අසාධාරණයක් බව,පාරම්පරික ඉරුගු ගොවීන් සඳහන් කළහ.

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ඉරිඟු බීජ කිලෝ පහේ පැකට් විශාල ප්‍රමාණයක් වෙහෙරගල මහවැලි කොට්ඨාස කාර්යාලයේ තබාගෙන සිටින බවත්, පසුගිය සෙනසුරාදා එම බීජ අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් බෙදාදීමට සූදානම් කර තිබියදී තමන් අරලගංවිල පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව එම බීජ බෙදා හැරීම නතර කර බවත්, ඒ අනුව 09 වෙනිදා ඉරුගු බීජ ලබාදීමට සූදානම් කර තිබූ බවත්, මෙම බීජ බෙදාදීමේදී විශාල අක්‍රමිකතා රැසක් මහවැලි කොට්ඨාස කළමනාකාරවරයා විසින් සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධ වහාම පරීක්ෂණයක් සිදුකරන බව ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටින බවද අරුණලු ගොවි සංවිධානයේ සභාපති කුශාන් උමයංග මහතා, ඇතුළු ගොවීන් මෙහිදි චෝදනා කළහ.

පාරම්පරික බඩ ඉරිඟු ගොවීන් පැයක පමණ කාලයක් වෙහෙරගල මහවැලි කාර්යාලයේ රැඳී සිටින අතරතුර කොට්ඨාශ කළමනාකාරවරයා අරලගංවිල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු සමඟ පැමිණ මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූ අතර එහිදී රථවාහන පොලිසියේ නිලධාරිවරයා ගොවි සංවිධාන සභාපති වරයා සහ ගොවීන් සමග උණුසුම් කතාබහක්ද ඇති වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී පැය එකහමාරක් පමණ ගිය පසු වෙහෙරගල කොට්ඨාශ කළමනාකාර නෙවිල් ජයසිරි මහතා සහ මහවැලි සී කලාපීය කෘෂිකර්ම නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර බී. ජී. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ පාරම්පරික බඩ ඉරිගු ගොවීන්ගේ ලේඛනයද ඇතුළත් කරමින් ඉදිරියේදී බඩඉරිඟු බීජ ලබාදීමට ලබාදුන් පොරොන්දුවක් සමඟ විරෝධතාකරුවන් විසිර ගියහ.

Exit mobile version