විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඖෂධ සංස්ථාවෙන් ඉල්ලා අස්වෙයි!

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පවතින රාජකාරි පීඩනය තවදුරටත් දරා ගත නොහැකි වීම නිසා   විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් මෙම තීන්දුව ගෙන ඇතැයි දැනගන්නට ඇත.

එම ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපතිවරයා ද මේ වනවිට දැනුවත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාට තවම එම ලිපිය නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.


එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි ද සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධව අප කළ විමසීමක දී ඖෂධ සැපයීම, බෙදාහැරීම හා නියමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ  විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගේ පත්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින් සිදුකළ එකක් බැවින්  ඔහුව එම තනතුරෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් එසේ නොවන්නේ නම් සභාපතිවරයාට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බවත්ය.   

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන  සිය කැමැත්තෙන් තනතුරෙන් ඉවත් වන්නේ නම් එසේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදිය යුතු නමුත් එවැන්නක් මෙතෙක් සිදුවී නොමැති බවද හෙතෙම පැවසීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගත සමය තුළ එන්නත් ඇනවුම් කිරීම හා ඒවා කඩිනමින් ගෙන්වා ගැනීම කළ, රටේ පැවති ඔක්සිජන් හිඟය පියවීමට  කඩිනමින් කටයුතු කළ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් වුවහොත් එය ගැටලුවක් බවත්, ඉදිරියේදී නැවත කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත්  රට  අර්බුධකාරී තත්ත්වයකට ගමන් කළ හැකි බවත්  ලේකම්වරයා කීවේය.

Exit mobile version