විශේෂඥ වෛද්‍යවරු නෑ… රෝහල් දෙකක ශල්‍ය වෛද්‍ය ඒකකය සති අන්තයේ වැසෙයි…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු බරපතල ලෙස වැඩිවිමත් සමග තංගල්ල සහ තිස්සමහාරාම මූලික රෝහල්වල ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර සති අන්තයේ දී නවත්වා දමා ඇතැයි වාර්තා වේ.

මෙම රෝහල් දෙකෙහිම සේවය කරන්නේ එක් ශල්‍ය වෛද්‍යවරයෙක් පමණක් බවත් ඔවුන් දින පහ පුරාම සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව සති අන්තයේත් රාජකාරි වාර්තා කිරීම කළ නොහැකි බව දන්වා ඇති බවත්  ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්    වෙත දන්වා තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී කේ එන් ඩී පටබැදිගේ මාධ්‍යයට පවසා තිබුණේ පවතින අපහසුතාවය පිළිබඳ තංගල්ල විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර විකල්පයක් ඉල්ලා සිටි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තිස්සමහාරාම රෝහලේ පවතින අර්බුදය සම්බන්ධව ද රෝහල් බලධාරීන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය  දැනුම්වත් කර ඇත.


 

 

Exit mobile version