විශේෂඥ නිර්වින්දන වෛද්‍ය හිඟය රටට දරාගන්න බැරි තැනට ඇවිත්… සැත්කම් සිදුකිරීම බරපතල ප්‍රශ්නයක්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි! 

ශ්‍රියානි විජේසිංහ –                                            

රටපුරා විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් පවතින බැවින් සැත්කම් සිදුකිරිම බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට, ඇඹිලිපිටිය, බිබිල, මැදිරිගිරිය ඇතුලු රෝහල් රැසක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් රට හැර ගොස් ඇති අතර අක්කරපත්තුව රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාද රටහැරයාමේ සූදානමක් පවතින බවට තොරුතුරු හෙලිව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.

නිර්වින්දන විශේෂඥ  වෛද්‍යවරුන් 40 දෙනෙකු රට හැර ගොස් ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය සතුව සිටින නිර්වින්දන විශේෂ වෛද්‍යවරුන් 110 දෙනාගෙන් සැලකිය යුතු පිරිසක් නොදන්වාම රට හැර යනු ඇති බවට සැක මතුව ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය

වසර 2022 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ පුහුණුව නිමකර මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 654 ගෙන් 370ක් මේ වන විට හොර රහසේ රටහැර ගොස් ඇතැයි ද හෙතෙම කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ හොර රහසේ රට හැර යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ට විදේශ අධ්‍යාපනය ලැබීම  සඳහා රජය වැය කල මුදල අයකර ගැනීමට කටයුතු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කළද එය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් බලධාරින් කටයුතු නොකරන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

Exit mobile version