විරෝධතාවය අතර සේවය අත්හිටවූ 62 සම්බන්ධ විනය පරීක්ෂණ ඇරඹෙයි!

CEB

ශ්‍රියානි විජේසිංහ –                                                   

විදුලිබල මණ්ඩලයේ සේවය අත්හිට වු සේවකයින් 62නා සම්බන්ධයෙන් විනය පරික්ෂණ පැවැත්විම ඊයේ (11) දිනයේදී ආරම්භ කළ බව  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්   සඳහන් කරයි.  

සේවය අත්හිටවු සේවකයින් 62 වෙනුවෙන් චෝදනා පත්‍ර නිකුත් කර ඇති අතර මින් සේවකයින් දෙදෙනෙකුට ඊයේ විනය පරික්ෂණ ආරම්භ කළ බවත් ඉදිරියේදී ඉතිරි පිරිස වෙනුවෙන් විනය පරික්ෂණ පැවැත්විමට නියමිත බවත් හෙතෙම පැවසුවේය.

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම හා විකිනීමට එරෙහිව  ජනවාරි 3, 4 සහ 5 යන තෙදින තුළ කොළඹදී පැවති උද්ඝෝෂණයට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවක පිරිසක් පාලන අධිකාරිය විසින් මෙසේ වැඩ තහනමට ලක්කළේය. 

කොළඹ විදුලිබල මණ්ඩල සේවකයින් උද්ඝෝෂණයට සහභාගි වූයේ ඔවුන්ගේ දිවා ආහාර වේලාවේදී බවත් පිටපළාත්වල සේවකයින් කොළඹට පැමිණියේ නිවාඩු අනුමත කර ගනිමින් බවත් පෙන්වාදෙන රන්ජන් ජයලාල් නිවාඩු ලබා පැමිණි සේවකයන්ගේ වැඩ තහනම් කිරිමටත් නිවාඩු අනුමත  කර දුන් පාලකයින්ගේ වැඩ තහනම් නොකිරිමත් පුදුමයට කරුණක් යැයිද පෙන්වාදේ. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ වැඩ තහනමට ලක්වූ සේවකයින්ට ඔවුන්ගේ වැටුපෙන් භාගයක් පමණක් ලබා දීමට පාලන අධිකාරිය කටයුතු කර ඇති බවද විදුලි සේවක සංගමය පවසයි. මේ සිදුවන දේ විමසිල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන බව ද පාලකයින්ගේ අත්තනෝමතික හැසිරීමට නිසි පිළිතුර ලබා දෙන බව ද ලංකා විදුලි සේවක සංගමය අවධාරණය කරයි.

Exit mobile version