විමල් – ගම්මන්පිල කණ්ඩායම රාජපක්ෂලා නැති නව සන්ධානයක් හදයි!

මින් පස්සෙ ඡන්දෙකට එන්නේ මේ සන්ධානයෙන්... පක්ෂ 10 කියයි...

ආණ්ඩුවේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ලෙස අසුන් ගත් දේශපාලන පක්ෂ දහයක් ඒකාබද්ධ වූ පුලුල් සංධානයක් ගොඩ නැගීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

මේ පක්ෂවලට අමරතව රට ගැන සද්භාවයෙන් සිතන ඕනෑම පක්ෂයකට හා කණ්ඩායමකට නව සන්ධානය සමග එක් විය හැකි බව එහි පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.

නව සන්ධානයට බැසිල් රාජපක්ෂ හෝ රාජපක් පවුලේ කිසිවෙක් එක් කර නොගන්නා බව පැවසූ එම පක්ෂ නායකයා මේ වනවිට රට පිළිගත් පිරිසිදු චරිත රැසක් එම සන්ධානය හා එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්  ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිහිටුවනු ලබන නව සන්ධානයට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වත් සංවිධාන, ආගමික නායකයින් සහ අනෙකුත් සංවිධාන සමග ඉදිරියේ දී සාකච්ඡා ආරම්භ කරන බවත් ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව සන්ධානය යටතේ තරග කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.


Exit mobile version