විමල් ඇතුළු පක්ෂ 10 කණ්ඩායමේ සන්ධානය පිහිටුවීම හෙට…

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10ක් ඒකාබද්ධව විමල් වීරවංශගේ  සභාපතිත්වයෙන්  හෙට (04) නව දේශපාලනයක් සංධානයක් පිහිටුවා ගැනීමට කටයුතු යොදාගෙන ඇත.

ඒ සඳහා පක්ෂ 10 නියෝජිතයින්ගේ ප්‍රධාන සමුළුව මහරගම තරුණ සේවා ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට අලුත් සංධානය පිහිටුවන බව එම සංධානය නියෝජනය කරන නායක උදය ගම්මන්පිල පැවසීය.

විමල් වීරවංශයේ සභාපතිත්වයෙන් පිහිටුවන ලබන නව සන්ධානයේ තීන්දු තීරණ ගනු ලබන්නේ නායකත්ව මණ්ඩලයක් විසින් බවත්, ඒ සන්ධානය සමග එක්වන සියලු පක්ෂවල නියෝජිතයින් නායකත්ව මණ්ඩලය නියෝජනය කරන බවත් හෙතෙම කීය.


සාම්ප්‍රදායික බල කඳවුරුවලින් බැහැරව ජනතාවගේ බල කඳවුර ශක්තිමත් කරන නව සන්ධානය සමග රටේ ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ  කණ්ඩායමකට එක්වීමේ අවකාශය තිබෙන බවත් උදය ගම්මන්පිල පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණයක දී ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා බිම් මට්ටමට විහිදුන  සියලු සැලසුම් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කීවේය.

Exit mobile version