විමල්ට සහ ගම්මන්පිලට පොහොට්ටුව පල නොකියා පලා බෙදයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට තවදුරටත් ආණ්ඩුවේ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ නොහැකි බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය නම් විපක්ෂයට යා යුතු බව හෙතෙම අවධාරණය කළේය.

මේ අයට ආණ්ඩුවෙන් ගැලවී යාමට අවශ්‍ය නම් අර්බුද ඇති නොකර එය කළ හැකි බව පවසන ඇමතිවරයා ආණ්ඩුවේ සිටිමින් විපක්ෂය වෙනුවෙන් පෙනී සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අවධාරණය කළේය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් නායක මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් වෙනස් කිරීම හෝ අළුත් නායකයෙක් පත් කිරීම සම්බන්ධව කතා කිරීමට විමල් වීරවංශවට කිසිම අයිතියක් නැති බව චන්ද්‍රසේන මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කිසිවෙකුටත් මහින්ද සුළඟ නැති කළ නොහැකි බව අවධාරණය කරන එස් එම් චන්ද්‍රසේන මහතා යම් අයෙක් අභ්‍යන්තර අර්බුද ඇති කර ඒවැන්නක් කිරිමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වෙත යොමුවීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version