විභාග දෙපාර්තමේන්තුවේ සේවා කවුළු වැසෙයි

සහතික පත් ඔන්ලයින් හරහා

සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවදානම මත විභාග දෙපාර්තාම්න්තුවේ සාමාන්‍ය සේවා කවුළු අද (15) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති අතර විභාග සහතික ලබා ගන්නා අයට ඒවා අන්තර්ජාලය හරහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් හෝ ඊ මේල් හරහා ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ අන්තර්ජාලයෙනක් හෝ ඊ මේල් මරරහා එම විභාග සහතික පත් පැය 48ක් තුළ ගෙන්වා ගැනීමට පහසුකම් සලසා ඇති අතර මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.doenets.lk විභාග දෙපාර්තමේනතු නිල වෙබ් අඩවියෙන් හෝ 0112 784323 දුරකථන අංකය හරහා දෙපාර්තමේනතුවේ සහතික පත්‍ර ශාඛාව හෝ 1911 ක්ෂණික ඇමතුම් අංශයෙන් ලබා ගත හැකිය.

Exit mobile version