විභාගවල ව්‍යාජ සහතික දී ගුරු පත්වීම් ගෙන ගුරු සේවයේ යෙදුණු අයෙක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ

අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල ව්‍යාජ සහතික ඉදිරිපත් කොට මුලතිව් ප්‍රදේශයේ පාසලක අවසර තුනක් සේවය කළ ගුරුවරයෙකු යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් 10 දා අත් අඩංගුවට ගෙන තිබේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙකු වන මොහු අදාල සහතික ඉදිරිපත් කිරීමෙන් පසුව මුලතිව් ප්‍රදේශයේ පාසලක ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා තිබේ.

2019 වසරේදී ස්වේච්ඡා ගුරුවරු ස්ථිර කිරීමේදී මොහුටද ගුරු සේවයේ  3 පන්තියට අදාලව ස්ථිර පත්වීමක් ලැබී තිබේ.

2023 වසරේ ඔහුගේ ඊළග උසස්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික පරීක්ෂා කිරීමේදී අදාල ගුරුවරයා විසින් ඉදිරිපත් කරන ලද සහතික දෙක ව්‍යාජ ඒවා බවට තහවුරු විමෙන් පසුව උතුරු පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුව ඒ බව යාපනය පොලිසියේ අපරාධ හා වංචා විමර්ශන අංශය  වෙත පැමිණිලි කොට තිබේ.


එම පැමිණිල්ලට අනුව අදාල ගුරුවරයා  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න  කිරීමේදී ඔහුට සහතික ව්‍යාජ ලෙස සකසා දුන් පුද්ගලයා පිළිබඳවද  තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව යාපනය පොලිසියෙන් ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැකකරුවන් දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝගයක් මත රඳවා ගෙන ඔවුන්ගෙන් තවදුරටත්  ප්‍රශ්න   කරගෙන යයි.

Exit mobile version