විපක්ෂ නායක සජිත් ජපානයේ සහය ඉල්ලයි

ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් අද(04) විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැත්විණි.

කොරෝනා ව්‍යසනය අබියස දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම උදෙසා අත්‍යාවශ්‍ය සෞඛ්‍යමය උපකරණ සහ ආධාර ලබා දීමට ජපානයේ සහය අවශ්‍ය බව මෙහිදී විපක්ෂ නායකතුමා මෙහිදී පැවසීය. ඒ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කළ ජපන් තානාපතිතුමා මේ සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම සිදුකරන බවටද සහතික විය.

 විපක්ෂය නියෝජනය කරන ප්‍රධානතම පක්ෂය ලෙස සමගි ජනබලවේගය රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද පැවසීය.


ජපානයේ එන්නත්කරණය පිළිබඳව විපක්ෂ නායකතුමා ජපන් තානාපතිතුමාගෙන් විමසූ අතර එන්නත්කරණය සදහා ජපානය ප්‍රමුඛතාවය දුන් නිසා එරටතුළ කොරෝනා උවදුර ව්‍යසනයක් නොවන තැනට පත්වූ බව හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබදතාවය පිලිබදව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ව්‍යසනකාරී සෑම අවස්ථාවකම ජපානය සද්භාවයෙන් ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ දෑත් දිගුකළ බවද පැවසීය.

Exit mobile version