විනිවිද පෙනන පෑන් බට, සූත්‍රිකාව පිලිස්සුන බල්බ් අනවශ්‍ය ලෙස තිබේ නම් දරුවා ගැන වැඩිපුර විමසිලිමත් වෙන්න

ශ්‍රියානි විජේසිංහ 

තරුණ දරුවන් සිටින නිවෙස් තුළ සූත්‍රිකාව (ෆිලමන්ට්)  පිළිස්සී ගිය  බල්බ්, විනිවිද පෙනෙන පෑන් බට අනවශ්‍ය ලෙස ගොඩගසා ඇත්නම් ඒ පිලිබඳව වැඩි අවදානයක් යොමු කරන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සේනක ගමගේ   දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

අයිස් මත්ද්‍රව්‍යවලට පුරුදු වුණ තරුණ දුවා දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේදී මෙම අවශේෂ ද්‍රව්‍ය ඉන්හිලරයක් ලෙස උපයෝගි කරගන්නා බව වාර්තා වී ඇති බැවින් දෙමාපියන් වැඩි සැලකිල්ලක් යොමු කරන්නැයි දැනුම් දේ.

අයිස් මත්ද්‍රව්‍ය එක් දිනක් භාවිත කළ දරුවෙකු එය නැවත නැවතත භාවිත කිරීමේ අවශ්‍යතා පැන නගින බවත් මෙහි අන්තර්ගත රසායනිකයන් මගින් මොළයේ ඩෝපමින් රසායනිකය වේගයෙන් ස්‍රාවය කරන අතර එමගින් මතක ශක්තිය වර්ධනය වීමක් සිරුරට හොඳ ශක්තියක් හා ජවයක් ලැබීමත්  වැනි විපර්යාසයන් සිරුර තුළ ඇති කරන බවද විශේෂඥවරයා පෙන්වාදේ.

අයිස් මත්ද්‍රව්‍යවල අන්තර්ගත රසායනිකයන් මගින් එයට අබ්බැහිවීමක් සිදුකරන අතර කල්යාමේදී ඩෝපමින් රසායනිකය ස්‍රාවය වීම අඩපණ කරනු ලබයි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේහි ප්‍රතිපලය වනුයේ හෘදයාබාධ, ආඝාය, මානසික විකෘතිතාවන් ඇතුලු බෝනොවන රෝග රැසක් ඇතිවීම බව වෛද්‍යවරයා පැවසීය. 

 

Exit mobile version