විනාස කරන්න එන වග තේරෙනවා නම් පන්නලා දානවා…

ආණ්ඩුව හදා ගත්තේ අමාරුවෙන්... ගල් ලෙන බිඳලා ලෙන් දොර හැරලා නම් පිට වෙන්න දෙන්නෙ නෑ.... බැසිල් කියයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ රජය ගොඩ නගා ගත්තේ ඉතා අසීරුවෙන්… කාටවත් අවශ්‍ය විදිහට “ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා පිටවෙන්න නම් ඉඩ දෙන්නෙ නෑ,..  ඊට කලින් ඔවුන්ව ආණ්ඩුවෙන් පන්නා දමනවා“  යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගියදා පොදු ජන පෙරමුණේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හමුවේ ප්‍රකාශ කළේය.
පසුගිය 25 දා අරිලියගහ මන්දිරයේ පැවති මෙම රැස්වීම අමතමින් බැසිල් රාජපක්ෂ විසින් කළ මෙම ප්‍රකාශයත් සමග මන්ත්‍රීවරු නොනවත්වා අත්පොලසන් දෙන්නට වූ බව වාර්තා වේ.
තම තමන්ට පුද්ගලික මත වාද පැවතිය හැකි බවත්, ඒවා දැරීමේ අයිතිය මෙන්ම ආණ්ඩුව තුළ සංවාදයට ලක් කිරීමේ නිදහස ඇති බවත් පැවසූ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස ආණ්ඩුවක් ලෙස සාමුහිකත්වය දැරීමේ වගකීම සියල්ලන්ටම ඇති බවය.
ජ්‍යෙෂ්ඨයන් කෙසේ වුවද තරුණ මන්ත්‍රීවරුන් ලෙස රජය සමගත්, පක්ෂය සමගත් සාමුහිකව කටයුතු කරන ලෙසත් සියලු දෙනාම ආරක්ෂා කිරීමේ වගකීම තමන් දරන බවත් බැසිල් රජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත.

Exit mobile version