විදේශ ඇමති දිනේෂ්  යුරෝපා සංගම් තානාපපතිවරුන් හමුවී ආනයන තහනම ගැන පැහැදිලි කරයි…

ශ්‍රි ලංකාවේ ආනයන තහනම පිළිබඳව යුරෝපා සංගමය සහ යුරෝපීය රටවල් කිහිපයක නොසතුටට පළ කිරීම පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   යුරෝපා සංගම් දූත පිරිස  සහ එම රටවල තානාපතිවරුන් පෙරේදා (18) සවස විදේශ අමාත්‍යංශයට කැඳවා ඊට හේතු පැහැදිලි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රි ලංකව මේ වනවිට මුහුණ දී තිබෙන විදේශ සංචිත පිළිබඳ අභියෝගය පිළිබඳව කරුනු පැහැදිළි කර ඇති අතර එම තත්ත්වය වර්ධනය වීමත් සමඟ අදාළ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන  වග විදේශ දූත පිරිස වෙත කරුණු පැහැදිලි කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. 

 

ඉතාලියජර්මනියනෙදර්ලන්තයප්‍රංශයරුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ කොළඹ සිටින යුරෝපා සංගම් දූත පිරිස විදේශ අමාත්‍යංශයේ දී හමුවූ අවසථාවේ ඔවුහු  වෙළඳආයෝජන සහ සංචාරක අංශයේ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙනයාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා  සිය කැමැත්ත යළි තහවුරු කළහ.

යුරෝපා සංගම් වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාව සිදුකරන යුරෝ බිලියන 2.3 ක් වටිනා අපනයනඅඛණ්ඩව වර්ධනය වෙමින් යුරෝපා සංගමයේ ජීඑස්පී + වෙතින් ප්‍රතිලාභ ලබන බවත්එමඟින් අපනයන නිෂ්පාදන කාණ්ඩ 6,000 කට අධික සංඛ්‍යාවක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා ගත හැකි බවත් එම තානාපතිවරු පෙන්වා දී තිබුණහමේ සම්බන්ධයෙන්මෑතකදී බලාත්මක කරන ලද ආනයන සීමා කිරීම් සහ ඒවා අවලංගු කෙරෙනු ඇති කාල සීමාවන් පිළිබඳව පැහැදිලි කිරීම් තානාපතිවරු ඉල්ලා සිටියහ.


කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය හා විදේශ මුදල් සංචිතය සම්බන්ධයෙන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන පැහැදිලි කළේය. අප ඉදිරියට යන විටමෙම ආනයන සීමා සමාලෝචනය කෙරෙනු ඇති බව  අමාත්‍යවරයා කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ  සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු  මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

Exit mobile version