විදේශිකයෙක් හා විවාහ වෙන්න නම්  විදේශිකයාගෙන් ආරක්ෂක නිශ්කාශන වාර්තාවක් ඉල්ලන චක්‍ර ලේඛයක්!

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මින් ඉදිරියට විදේශිකයෙකු හා විවාහ වීමට කැමති ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විවාහය ලියාපදිංචි කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් ‘ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්’  ලබා ගැනීමට  නිර්දේශ  වී තිබේ.

ඊට අමතරව, විදේශීය කලත්‍රයන්ට වෛද්‍ය ඉතිහාසය, නිදන්ගත රෝග සහ ඔවුන් COVID-19 වැළඳී තිබේද නැතහොත් එන්නත ලබා ගත්තේද යන්න විස්තර කරන ස්වයං ප්‍රකාශිත සෞඛ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමටද කළ යුතුව ඇත.

ඔවුන්ට කිසියම් රෝගී තත්වයක් ඇති බව හඳුනාගනු ලැබුවහොත් වෛද්‍ය ප්‍රතිකාර  අදාළ සියලුම වියදම් පුද්ගලිකව දැරීමට අවශ්‍යයැයි   ඔවුන් දන්නා බව ප්‍රකාශ කළ යුතු යැයි  චක්‍රලේඛයේ සඳහන් වේ.


ජාතික ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නව රෙගුලාසිය කෙටුම්පත් කළ බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී.  වීරසේකර සන්ඩේ ටයිම්ස් වෙත පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. “මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි යටි චේතනා ඇතිව ඇතැම් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට කැමති බව අප දැකලා තියනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ පුරවැසියන් විවාහ කර ගැනීමට කැමති විදේශිකයන් එවැනි අකටයුතුවලට සම්බන්ධ නොවන බවට වග බලා ගැනීමයි”  රෙජිස්ට්‍රා ජනරාල්වරයා  පවසා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී දැනට පවතින පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ඇති හිඩැස්වලින් ඇතැම් පාර්ශ්ව ප්‍රයෝජන ගත් ආකාරය   අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.

පවතින පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය යටතේ, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ වලංගු විදේශ ගමන් බලපත්‍රයක්, සිවිල් තත්ත්වය තහවුරු කිරීමේ සහතිකයක් සහ උප්පැන්න සහතිකයක් – ලේඛන තුනක් පමණි.

කෙසේ වෙතත්, නව ක්‍රියාවලිය යටතේ, අදාළ රටේ ආරක්ෂක බලධාරීන්ගෙන් ලබාගත් සහතියක  මුල් පිටපත ශ්‍රී ලංකා පාර්ශ්වය හරහා හෝ ඒජන්සිකරුවෙකු හරහා එම දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත එවිය යුතු අතර, එම කාලයට අදාල මාසය හයක් තුළ කිසිදු වරදකට වරදකරුවන් නොවන බව පෙන්නුම් කළ යුතුය.

‘ආරක්ෂක නිෂ්කාශන වාර්තාව’ ලබා ගැනීම දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙන බව චක්‍රලේඛයේ සඳහන් වේ. ඉන්පසුව, විවාහය ලියාපදිංචි කරන අතිරේක දිස්ත්රික් රෙජිස්ට්‍රා වෙත භාර දීමට  දේශීය පාර්ශවයට බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

එවැනි විවාහයන් පිළිබඳ නිවේදන ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර්වරුන්ට   පිළිගත නොහැකි අතර අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ට පමණක්  ඒ ක්‍රියාවලිය සඳහා අවසර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චක්‍රලේඛයට අනුව රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමෙන් පසු පල්ලිවල විවාහය සිදු කළ හැකිය.

 

Exit mobile version