විදේශගතව සිටින අපරාධකරුවන් 24දෙනෙකුට ඉන්ටපෝල් හරහා රතු නිවේදන…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ රටවල සැඟවී සිටිමින් මේ රටේ විවිධ අපරාධ හසුරුවන අපරාධකරුවන් 24 දෙනෙකුට ඉන්ටර්පෝල් හරහා රතු දැන්වීමක් නිකුත් කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙසේ රතු නිවේදන නිකුත් කළ පුද්ගලයින් 13 දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී අපරාධ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති බවයි.

මේ වන විට ඔවුන්ගෙන් දෙදෙනෙක් මෙරටට ගෙනැවිත් ඇති බවත් ඔහු පැවසීය.
නුදුරු අනාගතයේ දී මේ සියලු අපරාධකරුවන් නැවත රට තුළට ගෙන ඒමට පියවර ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.



Exit mobile version