විදුහල්පති නාවොත් පාසල් අරින්න දකුණු පළාත් සභාවෙන් සැලසුමක්

ලබන 21 වෙනිදා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ආරම්භ කරන දකුණු පළාත් සභාව යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වලට, පෙර කරන ලද කැඳවීම් පරිදි එදින විදුහල්පතිවරු නොපැමිණියහොත් දිනට පැමිණෙන ජ්‍යේෂ්ඨතම ගුරුවරයා තාවකාලිකව වැඩබලන විදුහල්පතිවරයා ලෙස නම්කොට පාසලේ කටයුතු පවත්වාගෙන යාමට බලය පවරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි කලාප කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඒ සදහා බලය පවරන බවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා නිවේදනය කර ඇත.

ලබන 21 වැනිදා ළමුන් 200ට අඩු පාසල්වල 1-5 ශ්‍රේණි මෙලෙස විවෘත කරයි.


ඒ අනුව එදින පාසල් කටයුතු ආරම්භ කිරීම සඳහා අනිවාර්යෙන් පැමිණිය යුතු බවට විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ක්‍රීඩා පුහුණුකරුවන්, පාසල්වලට අනුයුක්ත කොට ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන්, අනධ්‍යන කාර්ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කැඳවා තිබේ.

තවදුරටත් ක්‍රියාත්මක ගුරු-විදුහල්පති වර්ජනය හේතුවෙන් වෘත්තීය සංගම් මීට පෙර පවසා තිබුනේ තම වැටුප් විසඳුම ලබාදෙන තෙක් කුමන නියෝගය කළද පාසලට නොපැමිණෙන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් අද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් තීරණයක් ගැනීම සදහා සදහා සාකච්ඡාවක නිරත වීමටද නියමිතය.

Exit mobile version