විදුලි සැර වද්දා දළ ඇත් පැටියා මරා දමලා…

මේ කන්නයේ දී ගොවීන් වස දී විදුලි සර වද්දා මරා දැමූ අලින් ගණන 04ක්...

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ කල්මඩුකුලම් ප්‍රදේශයේ ගොවීන් විසින් විදුලි සැර වද්දවා මරා දමන ලද බවට සැකකෙරෙන දළ ඇත් පැටවෙකුගේ මළ සිරුරක් වන ජීවී නිලධාරීන් විසින් 27 දා සොයා ගෙන තිබේ.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට ලැබුණු තොරතුරක් මත ඔහු ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී ඇත් පැටවකුගේ මළ සිරුරක් ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු ඒ බව පොලීසියට හා වන ජීවී නිලධාරීන්ට පැමිණිලි කොට තිබේ.

වන ජීවී නිලධාරීන් හා පොලීසිය පැමිණ මියගිය ඇත් පැටවාගේ සිරුර පරීක්ෂා කිරීමේදී උගේ හොඩවැල ප්‍රදේශයට විදුලි සැර වැදී ඇති බවට සලකුණු දක්නට ලැබී ඇති අතර දින කීපයක්ම මේ ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරුවල ගොයම් හා වෙනත් බෝග වන අලි විසින් කා විනාශ කොට ඇති බව දැක තිබේ.


මේ නිසා ගොවීන් විසින් වන අලින්ට අදින ලද විදුලි කම්බි වල මෙම ඇත් පැටවා පැටලෙන්නට ඇතැයි නිලධාරීන් විශ්වාස කරයි.

මියගිය ඇත් පැටවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව  තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ කන්නයේ දී මේ පළාත් වල ගොවීන් විසින් වන අලින්ට විදුලි සැර වැද්දවීමෙන් හා වස පානය කිරීමට දීමෙන් මෙම ඇත්පැටවා සමග වන අලි හතර දෙනෙකු මියගොස් තිබේ.

Exit mobile version