විදුලි බිල වැඩි කිරීමේ තීරණය ගන්න ඇමති මණ්ඩලේට බලයක් නෑ!

Dr Tilak Siyambalapitiya, an energy expert, says

විදුලි බල පනත ප්‍රකාරව රටේ සම්මත නීතියට අනුව විදුලි බිල අඩු කිරීමට හෝ වැඩිකිරීම පිළිබඳව තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලයට කිසිදු බලයක් නොමැති බවත් නීතිය නොසලකා ලබන වසරේ අදියර දෙකකින් විදුලිය වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ඇසීමෙන් තමන් පුදුමයට පත් වූ බවත් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ විදුලි අර්බුදය මේ තරම් බරපතල තැනකට ඇද වැටී ඇත්තේ වර්ෂ 2104න් පසු, දත්ත මත පදනම් නොවී ලබාගත් මෙවැනි දේශපාලන තීන්දු හේතුවෙන් බවය.

නෙත් නිවුස් සමග සංවාදයකට එක් වෙමින් ඔහු පැවසුවේ මෙසේය.


“විදුලි බිල වැඩි කිරීමට හෝ අඩු කිරීමට කැබිනට් අනුමැතියක් අවශ්‍ය නෑ. රටේ තියන විදුලි බල පනතේ කියලා තියෙන්නේ මේ විදිහට රටේ විදුලිය සැපයුමේ වියදම එම විදුලි සැපයුම් ආයතන විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. එම ඉදිරිපත් කළ මිල ගණන් සලකා බලා එම වියදම් මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ යුතුයි. ඊට අනුරූපීව විදුලි බිල සකස් කළ යුතුයි.

දෙවැනිව පනතේ කියලා තියනවා මේ ක්‍රියාපටිපාටිය කරගෙන යෑම සඳහා අවශ්‍ය ලියවිලි මහජන උපයෝගීතා කොමිසම සකස් කළ යුතුයි. මෙම ලියැවිලි සකස් කරලා 2011 සිට හැම අවුරුද්දේම ජනවාරි සහ ජූලි මාසවල විදුලිය මිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමට බලය තිබුණා. එදත් තිබුණා. අදත් තිබුණා. දැන් තියන නීතියට අනුව කැබිනට් මණ්ඩලයට කිසිම වගකීමක් නෑ විදුලි බිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට. එම නිසා මා පුදුම වෙනවා කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගැනීම ගැන.

විවිධ දේශපාලන බලපෑම් හේතුවෙන් 2014 වසරෙන් පසු වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය කෙරුණේ නෑ. ඒ හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුව ඉහළ ගියා. “

“පාරිභෝගිකයාට යම් කිසි විදිහකට පහසුවක් වෙන්නෙ මිල අඩුකිරීම් සහ මිල වැඩිකිරීම් කලට වෙලාවට සිදුවෙනව නම් තමයි. එතකොට තමයි පාරිභෝගිකයාගෙ විශ්වාසයක් ඇතිවෙන්නෙ මිල නියම කිරීම සම්බන්ධයෙන්.“

“වර්ෂ 2014 විදුලි බිල අඩු කළා. ඒ අඩු කළේ දේශපාලඥයෙක්. මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි. අන්න එතනයි. ප්‍රධාන වැරැද්ද.“

“ඉන් පසු හැම ජනවාරි සහ ජූලි වලම මිල අඩුකිරීමට හෝ වැඩි කිරීමට හැකියාව තිබුණා. රටේ දේශපාලන වාතාවරණය තමයි විදුලිබල මණ්ඩලයට යෝජනාවක් යවන්නේ. දේශපාල වාතාවරණය බලලා තමයි මහජන උපයෝගීතා කොමිසම ඒ යෝජනාව භාරගන්නෙ හෝ නොදන්නේ.‘ යනුවෙන්ද ආචාර්ය සියඹලාපිටිය තවදුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි ඉතාම කණගාටුදායක ක්‍රියාපටිපාටියක අවසානයේ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 500කට වඩා විවිධ බැංකුවලට සහ විවිධ සැපයුම්කරුවන්ට ණය වී ඇතැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version