බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියගේ බාල වැඩක් හෙළි වෙයි…

by editor
මාර්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලංවිම සභාපති වෙනකම් ලංවිමට උපදේශන සේවා සපයමින් මුදල් ඉපයූ තමන්ගේ කොම්පැණිය ලෝක බැංකු ආධාර ලබන පුත්තලම සුළං විදුළි බලාගාරයේ ශක්‍යතා අධ්‍යයන  ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා ලෙස යොදාගෙන… 

ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය ව්‍යවසායවන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය තමන්ගේ හිමිකාරිත්වය යටතේ පැවති ආර්.එම්.ඒ. එනජි පුද්ගලික සමාගම පුත්තලම සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ දියත් කර ඇති ශක්‍යතා අධ්‍යයන ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකාවේ නියෝජිත ආයතනය ලෙස යොදාගෙන ඇති බව හෙළිදරවු වී තිබේ.

විශේෂත්වය වන්නේ ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉකුත් දෙසැම්බර් මස පත්වන තුරු ආර්.එම්.ඒ එනජි පුද්ගලික සමාගමේ හිමිකාරිත්වය දැරීමත් එම සමාගම හරහා කාලාන්තරයක් තිස්සේ විදුලි බල මණ්ඩලයට උපදෙස් සපයමින් මුදල් ඉපැයීම සිදුකර තිබීමත්ය.

මේ සම්බන්ධව දීර්ඝ හෙළිදරව්වක් කරන සිරස ටී.වී ආයතනය ස්වකීය විමර්ශන වැඩසටහන ඔස්සේ ලිඛිත සාධක සහිතව පෙන්වා දෙනු ලැබුවේ තිලක් සියඹලාපිටිය විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරය දරන අතරම ස්වකීය පුද්ගලික ව්‍යාපාරික ආයතනය යොදාගෙන අමතරව මුදල් උපයන අලජ්ජී පිළිවෙතක් අනුගමනය කරන බවය.

වාර්තාවන ආකාරයට තොරතුරු මෙසේය.

මන්නාරම සහ පුත්තලමට සමීප මුහුදේ සුළං විදුලි ව්‍යාපෘති ආරම්භය සඳහා වූ පූර්ව ශඛ්‍යතා අධ්‍යයනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩමුලුවක් පිළිබඳව දන්වමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය ඉකුත් 05දා දාතමින් ලියවිල්ලක් නිකුත් කර තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ අදියර දෙකකින් පවත්වා තිබූ මෙම වැඩමුළුවේ මුල් අදියර ඉකුත් වසරේ මාර්තුවල පවත්වා ඇත. දෙවැනි අදියර ඉකුත් බ්‍රහස්පතින්දා පවත්වා තිබිණි.

එම අධාර යොදාගෙන අධ්‍යයනය සිදුකිරීම සඳහා ලංකා විදුලිබ මණ්ඩලය විසින් තෝරාගෙන ඇත්තේ නෙදර්ලන්තය සහ මෙරට සමාගමකි. මෙරට සමාගම ආර්.එම්.ඒ පුද්ගලික සමාගය.

එය කාලාන්තරයක් තිස්සේ ලංකා විදුලිබල මණ්ලඩයට උපදේශන සේවා සපයා මුදල් ඉපයූ ආයතනයකි. තොරතුරු විමසීමේ දී හෙළිදරවු වන්නේ ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉකුත් දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයට පත් වන තෙක් මෙම සමාගමේ හිමිකරු ලෙස කටයුතු කර ඇති බවය.

එනම් ඔහු විදුලිබල මණ්ඩල සභාපති ධූරයට පත් වන්නේ මණ්ඩලයට සේවා සපයමින් මුදල් උපයමින් සිටින අතරය. අනතුරුව ඔහු විසින් විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා දේශීය නියෝජිත ආයතනය ලෙස තමන්ගේ පුද්ගලික ආයතනයක් යොදවා ගෙන තිබීම පිළිබඳව මේ වනවිට දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශවේන්ද්‍රට, ජගත්ට, කරන්නාගොඩට සහ කරුණාට එක්සත් රාජධානියෙන් සම්බාධක….

Next Post

ඉන්දීය හමුදා ප්‍රහාරයෙන් මිය ගිය බිරිය හා දරුවාගේ ආදාහන උත්සවය 38 වසරකට  පසු ඉටු කළ යාපනේ සැමියා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.