විදුලි කප්පාදු කර තියන මිලට විදුලිය ලබා දීමට වඩා මිල වැඩිකර කප්පාදුවක් නැතිව විදුලිය ලබා දීමෙන් පාරිභෝගිකයින්ට වාසියක් වුනා…

Kanchana-W

විදුලි කප්පාදුව සිදු කළ කාලයේදී රුපියල් 70ක ඉටිපන්දමක් එක් පැයකට භාවිතා කළේ නම් මසකට ඉටිපන්දම්වලට යන වියදම රුපියල් 2100ක් බවත්, අද වන විට අවම ගාස්තු කාණ්ඩය යටතේ අඛණ්ඩව විදුලිය ලබා ගනිමින් වැය කළ යුතු මුදල රුපියල් 1300ක් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර   පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අය ක්‍රමයේ වෙනසක් කළ යුතු බව පෙරදීම පැවසූ බව ද, ඒ පැවසූ අයුරින්ම අය ක්‍රමයේ වෙනසෙන් පසුව අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

“පහුගිය අවුරුද්දේ පැය 16ක් විතර විදුලිය කප්පාදු කළා… ඉන්පස්සේ පැය දෙක හමාරක කාලයක් කැපුවා.. ඒ කාලේ උද්ඝෝෂණය කළේ අඛණ්ඩ විදුලිය සැපයීමක් කරන්න කියලා. විපක්ෂ නායකවරයා අපෙන් ඇහුවා විදුලි කප්පාදුව කරනවා නම් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ කොහොමද කියලා.. ඒ කාලේ පන්දම් අල්ලගෙන උද්ඝෝෂණය කළා අඛණ්ඩව විදුලිය දෙන්න කියලා.. දැන් අඛණ්ඩව විදුලි සපයද්දීත් පන්දම් අල්ලන් උද්ඝෝෂණය කරනවා..”


අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජනන සැලසුම් වෙනස් විය යුතු බව තමන්ද විශ්වාස කරන බවත් 2042 දක්වා ජනන සැලසුම මේ වන විට පාර්ලිමේන්තුවට බාර දී ඇති බවත් ය.

ඩීසල්, නැප්තා, දැවිතෙල් බලාගාරවලට ඉතා විශාල වියදමක් යන බවත් එම වියදම් අඩු කර ගත යුතු බවත් ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා සකස් කළ ජනන සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි වුවහොත් ජූලි මාසය වන විට විදුලි බිලෙහි අඩු කිරීමක් සිදු කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය

Exit mobile version