විදුලි ඉංජිනේරුවරු අකුරට වැඩ කිරීමේ දෙවන අදියරට… අද 4.30 සිට නඩත්තු කටයුතු වලින් ඉවත් වේ…

කීර්ති ප්‍රනාන්දු –

විදුලි  සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවූ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ කාර්යාලය අසල ඉංජිනේරුවරුන් 600ක් පමණ අද සවස රැස් වී සිටියත් සභාපතිවරයා බියසුල්ලෙක් සේ පලා ගොස් ඇති බවත්, පවතින තත්වය තුළ තමන් වෘත්තීය අරගලයේ අකුරට වැඩකිරීමේ දෙවන අදියර වෙත යන බවත් විදුලිබල මණ්ඩලයේ  විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති ලේකම් ධම්මික විමලරත්න ලංකාසරට පැවසීය.

ඒ අනුව අද සවස 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වන බව ඔහු පැවසුවේය.

කිසිම තාර්කික හේතුවකින් තොරව අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙක් මෙසේ අනිවාර්ය නිවාඩු යවා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඊයේ නිකුත් කළ ලිපිය සම්බන්ධව දැනගත් වහාම අද උදෑසන කොළඹ අවට ඉංජිනේරුවරුන් 250ක පමණ පිරිසක්  ප්‍රධාන කාර්යාලයට රැස් වූ බවත්, ලියුම් ගැසීමට පමණක් හැකියාවක් ඇති සභාපතිවරයා නොමැති නිසා   සමාන්‍යාධිකාරීවරයා සහ උප සභාපතිවරයා හමුවී සිය දැඩි අප්‍රසාදය පල කළ බවත් ඔහු  ප්‍රකාශ කළේය.


ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

“ සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යැවූ සම්ප්‍රේක්ෂණ භාරව ඉන්න අතිරේක සමාන්‍යාධිකාරීවරයා ඉතාම වගකීමෙන් අවංකව රාජකාරි කරන නිලධාරියෙක්. ඔහු ජානක අලුත්ගේ.“

“ එතුමා අනිවාර්ය නිවඩු යැවීම   ආංචි වූ විගස කොළඹ අවට ඉන්න සියලුම විදුලි ඉංජිනේරුවරුන් ප්‍රධාන කාර්යාලයට ආවා.    සභාපතිවරයා ආ ගිය අතක් නෑ. අද ඔහු සේවයට ආවෙ නෑ.“

“ඉංජිනේරුවරු සමාන්‍යාධිකාරීවරයා සහ උප සභාපතිතුමා හමුවෙලා අප්‍රසාදය දැඩි අප්‍රසාදය පල කළා. සභාපතිවරයා හමුවෙන්න  ඉංජිනේරුවරු 600ක් ඉන්නවා එතුමාගෙ ඔෆීස් එකට ගිහින්.“

“මේ තත්වය එච්චර හොඳ නෑ. නිවු ෆොට්‍රස් වගේ සුප්‍රීම්කොට් චැලේන්ජ් කරපු ගනුදෙනුවකට ගිවිසුම් අත්සන් කරන්න තියෙන්නේ මේ නිවාඩු යවපු අතිරේක සාමාන්‍යාධිකාරීවරයා. ඔහු වැරදි දේට අත්සන් කරන්නෙ නෑ. ඔහුගෙ අවංක අදහස් මත පිහිටලා කටයුතු කරන කෙනෙක්. ඔහු කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩු පහක් තියනවා.  මේ අධිකරණ තීන්දු එනකම්   ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප ඔහු කළා. එය තමයි ඔහු අනිවාර්ය නිවාඩු යවන්න හේතුව.“

දැන් අපි අකුරට වැඩ කිරීමේ දෙවැනි අදියරට යනවා.   අද 4.30න් පස්සේ කිසිම නඩත්තුවකට ඉංජිනේරුවරු   සම්බන්ධ වෙන්නෙ නෑ.

මෙහෙම තීන්දුවක් ගත්තා නම් සභාපතිවරයා තම ස්ථාවරයට මුහුණ දිය යුතුයි. ඔහු    පැත්ත පලාතක නෑ. බයේ පැනලා ගිහින්.

මේ ඔහු කරන්නෙ කුමක්ද?. ඉංජිනේරුවරු අකුරට වැඩ කරමින් වෘත්තීය අරගලයක ඉන්න වෙලාවක්. මේ වෙලාවෙ ඔහු තීන්දුවක් ගත්තා නම් අපට අපේ අදහස ප්‍රකාශ කිරීමේ ඉඩකඩ සාකච්ඡා ඉඩකඩ ඔහු විසින් නිර්මාණය කළ යුතුයි.“

“අපට සැකයක් තියනවා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ස්ට්‍රයික් එකක් දක්වා පොළඹවලා මේ ක්‍රමය කඩාකප්පල් කරන්න ද මේ සභාපතිවරයා හදන්නෙ කියලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙත්ත   නීත්‍යානුකූලව කළ හැකි සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා.  ලේකම් ධම්මික විමලරත්න කීවේය.

Exit mobile version