විදුලිය සහ ඩීසල් නෑ…  දැඩි සත්කාර ඒකක හදිසි ප්‍රතිකාර නවතී… මාවනැල්ල රෝහල මුලුමනින්ම අකර්මන්‍ය වේ…

විදුලිය කපා දැමීමත්  විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරිමට ඩීසල් නොලැබීමත් හේතුවෙන් මාවනැල්ල  මූලික රෝහලේ දැඩි සත්කාර ඒකක, ශ්‍යල්‍යාගාර, ඖෂධ ගබඩා ශීතකරණ ඇතුළු සමස්ථ රෝහලම අක්‍රීය වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

මේ අනුව රෝහලේ දැඩි සත්කාර ඒකක සහ සියලුම හදිසි ප්‍රතිකාර සේවා අකර්මන්‍ය වී ඇත.

රෝහලේ  ගිලන් රථවලට පවා ඉන්ධන නොමැති තත්වය තුළ අතිශය බරපතල තත්වයක් උද්ගත වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

“මේ වනවිට  හදිසියේ දරු ප්‍රසූතියක්වත් සිදුකරන්න බැරි තැනකයි රෝහල තිබෙන්නෙ.  විදුලිය විසන්ධි කිරීම දිගටම සිද්ධ වුනා. ඒ අතරෙ තමයි මේ ඩීසල් සැපයුමත් නැවතුනෙ, ජෙනරේටරය දුවන්න පැයකට ලීටර් 30ක් අවශ්‍යයයි.  රෝහලේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවලට තබා ඇම්බියුලන්ස් එකකටවත් ඩීසල් නෑ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.


Exit mobile version