විදුලිය නැතිනම් පන්දම් එළියෙන් පෙරහර මංගල්‍ය කරනවා…  බස්නායක නිලමේ සංගමයේ සභාපති  හේමන්ත බණ්ඩාර!

විදුලිය ඕන වෙන්නේ පෙරහර බලන්න එන සැදැහැවතුන්ගේ ආරක්ෂාවට... මෙහෙම ප්‍රශ්න මීට කලින් ආවේ නෑ...

විදුලිය නොමැතිව පන්දම් එළියෙන් හෝ පෙරහර මංගල්‍යය පැවැත්විය හැකි බව මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ සහ බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති හේමන්ත බණ්ඩාර අද පැවසුවේය.

පෙරහර මංගල්‍යය සඳහා විදුලිය සැපයීම පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමට අද (19)  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී   පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් හේමන්ත බණ්ඩාර පැවසුවේ විදුලි අත්‍යවශ්‍යය වන්නේ පෙරහර ගමන් කරන වීදි ආලෝකවත් කර පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

මින් පෙර කිසිදු අවස්ථාවක දේවාලවල අයවැය වාර්තා වලට පෙරහර මංගල්‍යය වෙනුවෙන් විදුලි ගාස්තුවක් ඇතුළත් නොමැති බව පෙන්වා දුන් බස්නායක නිලමේවරයා  යම් හෙයකින් මෙවර එවැනි ගෙවීමක් සිදු කිරීමට වුවහොත් ඉදිරියේ දී දේවාල අයවැය වාර්තාවලට පවා එය ඇතුළත් කිරීමට සිදුවනු ඇති  බවය.

පෙරහර මංගල්‍යය හා සම්බන්ධ අවසන් සාකච්ඡාව ජනපති රනිල් වික්‍රමසිංහ  සමඟ පැවැත්වෙන බැවින් එහි දී ජනපතිවරයා මෙම විදුලි ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකර සාධනීය විසඳුමක් ලබාදෙනු ඇතැයි තමන්  බලාපොරොත්තුවන බව ද හේමන්ත බණ්ඩාර බස්නායක නිලමේ තැන කීවේය.


මාධ්‍ය හමුවේ ඔහු මේසේ ද කීවේය.

“වන්දනාගමන් ආඥා පනතට අනුව පෙරහර මංගල්‍යය සඳහා අවශ්‍යය යටිතල පහසුකම් සපුරාලීම රජයේ වගකීමක්.    දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ අණපනත් අනුව අදාළ කටයුතු ඉටුකර දීමට එකඟතාව පලකළා.”

“යම් හෙයකින් පෙරහර සඳහා විදුලි බල මණ්ඩලය විදුලි බිලක් ගෙවන ලෙස දැනුම් දීමක් කළහොත් අදාළ ගෙවීම් කිරීමට සිදුවන්නේ බැතිමතුන් දේවාල වල පිං කැට වලට දමන පඬුරුවලින් තමයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ, පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ ශානක බණ්ඩාරනායක ද සහභාගි වූහ.

Exit mobile version