විදුලිය කැපීම නතර කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

අජන්ත කුමාර අගලකඩ

විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ ට උපදෙස් දී ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ  පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් තිබේ .

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් ගෙන්වීට මුදල් ලබාදෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .


ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (25) සිට  විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය මුලින් තීරණය කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version