විදුලිබල මණ්ඩලය වහාම ප්‍රතිව්‍යුගතකරණයට කැබිනට් අනුමැතිය….

ලංකා විදුලිබල මණ්ඩලය වහාම ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද  (01) රැස් වූ කැබිනට් මණ්ඩලය ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගහගත කිරීම සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

ඒ සඳහා වූ  යෝජනා මසක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව වෘත්තීය සමිති දැඩි විරෝධතා පල කර සිටින අතර මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා කඩිනමින්   රැස්වන බව විදුලි වෘත්තීය සමිති නායකයෙක් ලංකාසරට පැවසීය.


Exit mobile version