විජේදාසගේ පුතා රතු එළි නොකතා රිය පදවලා

රෝහලේ සිටින රඛිතට පොලිස් ඇප

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ පොලිස් ඇප මත මුදා හැර තිබේ.

ඔහු මේ වනවිට කොලඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඊයේ (19) රාත්‍රියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියර ගන්නා බව පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පැදවූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී තවත් මෝටර් රථයක ගැටී ඇති අතර ඔහු එහිදී රතු එළි සභාව නොතකා රිය ධාවනය කළ බව මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර ගැබිණි මවක්ද ඒ අතර සිටින බව වාර්තා වේ.


Exit mobile version