විකුණාගත නොහැකි මත්ස්‍ය තොග රජයෙන් මිල දී ගැනීමේ සූදානමක්…

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බරපතලම ආපදාවට පත් ධීවර කර්මාන්තය ගැන සලකා බලා අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින සියලු මාළු තොග  ඉදිරි දින 4ක් තුළ මිලදී ගෙන අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙ‍ළඳපල මුල් කරනෙ රට පුරා පැතිරී ගිය කොවිඩ්  සමඟ ප්‍රධාන ධීවර වරායන් ආශ්‍රිත කටයුතු නැවතී යෑම නිසා මෙම ක්‍රියාවලිය මුලුමනින්නම නැවතී ගියේය. තැන් තන්වල මත්ස්‍ය තොග ගොඩගැසී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේදී ටින් මාළු නිශ්පාදනයට යොදා ගැනීමට අදහස් කෙරෙන බව    බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය. 

 


Exit mobile version