වැස්ස ඕලෙවල්වලට කළ හදිය… සිසුන් බෝට්ටුවෙන් එයි… විභාග ශාලාධිපතිවරු විභාග මධ්‍යස්ථානයේ රැය පහන් කරති… 

ලලිත් චාමින්ද  –

අනෝරා වැස්සේ තෙමෙමින් කුඩ ඉහලාගෙන සාමාන්‍ය පෙළ විභාගයට උත්තර ලියන දරුවන් පිරිසකගේ හද කකියවනසුලු ඡායාරූප පෙළක් ඊයේ සමාජ මධ්‍ය තුළ පලවිය. රත්නපුර ප්‍රදේශයේ පාලසක විභාග මධ්‍යස්ථානයක් තුළ සිදුවූ එම සිදුවීම පිළිබඳ දැකුම අප මහා කම්පනයකට පත් කළේය.  වසංගත බියකට, දුර්භික්ෂ බියකට මුහුණ දෙමින් අධ්‍යාපනය යන්තම් ගැටගසා ගත් අවාසනාවන්ත දරු පැටවු ටිකකට අන්තිමට සොබා දහමත් කළ හදිය පිළිබඳ කතාව ඇත්තේ වචනවලට බොහෝ ඔබ්බෙනි.

කළු ගඟ නිම්නයේ, ගිං ගඟ නිම්නයේ, අත්තනගලු ඔය නිම්නයේ  දරුවන්ට විිවිධ ආකාරයෙන් මේ උවදුර බලපෑවේය.

අයහපත් කාලගුණික  තත්වයත් සමග මාර්ග ජලයෙන් යටවිම නිසා විභාග රාජකාරි සදහා පැමිණි  විභාගශාලාධිපතිවරුන් පිරිසකට  තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විභාග සම්බන්දිකරණ මධ්‍යස්ථානය තුල  ඊයේ  (31)  රාත්‍රිය ගතකිරිමට   සිදුවිය.


ධාරාණිපාත වර්ෂාවත් සමග  තවලම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග ජලයෙන් යටවි තිබු අතර  මෙම තත්වය නිසා විභාග ශාලාධිපතිවරු 06 දෙනෙකුට සිය නිවෙස්වලට යාමට නොහැකි වී ඇත. පසුව එම විභාගශාලාධිපතිවරුන් 06 දෙනා තවලම විද්‍යාරාජ ජාතික පාසලේ පිහිටුවා ඇති විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ දි ඊයේ (31) රාත්‍රිය ගතකරණු ලැබිය.

මේ අතර  හිනිදුම මුල්මැඩිය හන්දිය ආශ්‍රිත මාර්ගය ජලයෙන් යටවිම නිසා  හිනිදුම මල්ලිකා විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේ සිසු දරු දැරියන් විසින්  ලියු උත්තර පත්‍ර  වෙනත් මාර්ගයක් ඔස්සේ පාගමනින් විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ශාලාධිපතිවරුන්ට සිදුවි තිබුණි. 

පොලිස්  නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ  විභාග රාජකාරිකරණු ලබන නිලධාරින් විසින්  උත්තර පත්‍ර විභාග සම්බන්දිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබිය.

මේ අතර  විද්‍යාරාජ ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ  අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටි සිසුවියක් ඊයේ (31) පස්වරුවේ හදිසියේ සිහිසුන්ව  වූවාය.  

මෙම සිසුවිය  පිළිතුරු ලියමින් සිටියදි හදිසියේ සිහිසුන්ව  ඇත.  ඒවනවිට  ධරාණිපාත වර්ෂාවත් සමග  තවලම හිනිදුම ප්‍රධාන මාර්ගයේ තවලම ප්‍රදේශිය ලේකම්කාර්යාලය අසල අඩි හතරක් පහක් පමණ ජලයෙන් යටවි තිබුණි. විභාග මධ්‍යස්ථානයේ රාජකාරිකරමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා විභාග මධ්‍යස්ථනයේ නිලධාරිණිය විසින් ගංවතුරේ කරවටක්  බැස මෙම   දැරිය ඔසවාගෙන ගොස්   පසුව ත්‍රිරෝද රථයකින් හිනිදුම රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

විභාගයට පෙනිසිටිමින් සිටියදි හදිසියේ සිහිසුන්ව ඇත්තේ  නෙළුව මණ්ඩලපුර ප්‍රදේශයේ  සිසුවියකි. දැරිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 

මේ අතර  ඊයේ (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා  පස්වරුවේ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් කල්වෙලා ඇතිව තවලම විද්‍යාරාජ   ජාතික පසලේ විභාග මධ්‍යස්ථානයට පැමිණියහ. එම සිසු දරු දැරියන්ට දහවල් ආහාරය සපයාදිමට  තවලම විද්‍යාරාජ ජාතික පාසලේ විදුහල්පතිවරයා හා හිනිදුම පොලිසිය මගින් කටයුතු කළේය. 

විභාගය අවසන් විමෙන් පසු  මාර්ග ජලයෙන් යටවිම නිසා නිවෙස්වලට යාමට නොහැකිව සිටි සිසු දරු දැරියන් නිවෙස්වලට රැගෙන යාමටද පොලිසිය මගින් කටයුතු කරණු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද උදේ මෙම ප්‍රදේශවල සිසු දර දැරියන් විභාගයට පැමිණියේ බෝට්ටුවෙනි. 

 

Exit mobile version