සිය හෝටලයේ වැව් රක්ෂිතය තුළ ඇති බවට සලකුණු කරන සියලුම ඉදිකිරීම් ඉවත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන බව පොලොන්නරුව සුදු අරලිය හෝටලය හිමි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි
හිඟුරක්ගොඩ පැවති උත්සවයකදී ඩඩ්ලි සිරිසේන පැවසුවේ තමන් නීතියට ගරු කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම ඉදිකිරිම් ඉවත් කරගන්නා බවය. හෝටලයේ වෙන් කිරීම් මැයි මාසය දක්වා පවතිනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
“ මම පක්ෂග්‍රාහී වෙනවා නොවෙයි. අපි කණ්ඩායමක් ලෙස එකතු වෙලා ජය ගත යුතුමයි. ඒ නිසා රජයත් එක්ක අපි සුහදව වැඩ කළ යුතුමයි. මේක කිව්වම සමහර මිනිස්සු කියයි මගේ සුදු අරලිය හෝටලයේ වැට ගලවන්න වෙන හින්ද ද කියලා. නෑ… නීතියට අපි කවුරුත් යටත් විය යුතුමයි. “
“නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියනවා. ඔව්. ඒ බව ඇත්ත. මම ඒ වැට ගලවා ගන්න කැමතියි. දැන් හරිනේ… ඒක මම ම ගලව ගන්නම්. ලබන මැයි මාසේ වෙනකම් අවුරුද්දකට කලින් කරපු බුකිංස් වගයක් තියනවා. ඊට පස්සේ මම ඕක කඩනවා. කඩලා නියමිත ක්‍රමයට මම ඒක හදනවා.
“ ආණ්ඩුව මේ යන ගමන කොචච්ර වැඩපිළිවෙළක් ද කියන එක මම ඔයාලට කියන්නම්. මේ වෙද්දි මේ රටේ රුපියල් බිලියන 550ක් ආදායමක් ලෙස වැඩිපුර හොයාගෙන තියනවා. අප බලාපොරොත්තු වෙන විදිහට මේ වැඩපිළිවෙළ කරගෙන යනවා. ඒක මට පේනවා. අප එකතු වෙලා අපේ රට තුළ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ අනුව තමයි මේ ආදායම් වැඩි කරගන්න පුලුවන්.”







