බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගතවුනේ පැය 12යි… වෙඩි තැබීම් 04යි… එක් අයෙක් මරුට… තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ…

by editor
සැප්තැම්බර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගතවූ පැය 12 කාලය තුළ වෙඩි තැබීම් හතරක් වාර්තා වී තිබේ. එක් මරණයකි. තවත් පුද්ගලයෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.

පැය 12ක කාලය තුළ මුල්ම වෙඩිල්ල පත්තු වන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ය. ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ වෙඩි තබා තරුණයෙක් ඝාතනය කර තිබිණි.
ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය කීවේය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ, කැලණිය ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

දෙවැනි වෙඩිල්ල පත්තු වන්නේ මේ ඝාතනය සිදුවී පැය දෙකක් ගතවන්නට පෙරය. ඒ මරදාන පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදීය. වෙඩි තැබීම සිදුවන්නේ අද (6) අලුයම 1.40ට පමණය. මේ වෙඩි තැබීම සිදුකර ඇත්තේත් කුලී ඝාතකයින් යැයි සැක කරන යතුරුපැදිකරුවන් දෙදෙනෙක් විසිනි.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේය. ඔහු ජීවිතයත් මරණයත් අතර සටනකය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දීම මීගමුවේ ද වෙඩි තැබීමක් සිදුවී තිබිණි. වෙඩි තබා තිබුණේ මීගමුව බන්ධනාගාර පසුපස නිවසකටය. වෙඩික්කරුවන් පැමිණ තිබුණේ යතුරුපැදියකිනි.

අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ පිහිටි මෙම නිවසකට වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර වෙඩි තබා පලා වෙඩික්කරුවන් කවුද කියා තවම දන්නේ නැත.

මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව තිබුණේ නැත.

අද උදේ පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුකර තිබුණේ මිලි මීටර 9 වර්ගයේ පිස්තෝලයකිනි. වෙඩික්කරුවන් පලා ගොස් ඇත.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ වෙළඳසැලේ සිට ඇත්තේ කාන්තාවකි. වෙඩි ප්‍රහාරයක වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වැදී ඇත. ජීවිත හානියක් නැත.

දවස පටන් ගත්තා පමණි. පොලිසියට මතක් කරන්නේ එපමණකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ අපරාධ පරීක්ෂණයකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කරයි!

Next Post

වැව් රක්ෂිතයේ සියලුම ඉදිකිරීම් ස්වේච්ඡාවෙන්ම ඉවත් කරනවා…. සුදු අරලිය හෝටලය හිමි ඩඩ්ලි කියයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.