වැලි නිසා කිළිනොච්චියේ තහනම් කලාපයක් ප්‍රකාශ වෙයි

දිනසේන රතුගමගේ:

අනවසර වැලි ජාවාරම්කරුවෝ කිළිනොච්චිය කනගරායන් ආරු ජල පෝෂක ප්‍රදේශය විනාශ කොට මහා වළවල් හෑරීමත් සමගම කරච්චි ප්‍රාදේශීය සභාව හා පොලීසිය එම පළාත සාමාන්‍ය ජනතාවට 15 දා සිට තහනම් ප්‍රදේශයක් බවට පත් කොට තිබේ.

මෙම කනගරායන් ආරු ඇල ආශ්‍රිතව පිහිටි කණ්ඩාවලෙයි ඇතුලු ගම්මාන කීපයකට අයත් වැසියන්ගේ ඉඩම් වල වැලි ජාවාරම්කරුවන් විසින් අඩි 35 ක් 40 ක් වන තරමේ විශාල වළවල් හාරා වැලි රැගෙන ගොස් තිබේ.


එම ඉඩම් වල ජනතාව පදිංචි නොමැති නිසා වැලි ජාවාරම්කරුවෝ බලහත්කාරයෙන් ඔවුන්ගේ ඉඩම් වලින් වැලි රැගෙන ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව ජනතාව කරච්චි ප්‍රාදේශීය සභාවට විරෝධය පලකිරීමෙන් පසුව ප්‍රාදේශීය සභාව පොලීසියේද සහය ඇතිව එම පළාත තහනම් කලාපයක් බවට පත් කොට තිබේ.

Exit mobile version