වැලිගම W15 හෝටලයට වෙඩි තබා පලා යමින් සිටිය දී වැලිගම පොලිසියේ වෙඩි පහරින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් මිය යෑම සහ එක් නිලධාරියෙක් තුවාල කිරීමට අදාල සිද්ධිය සම්බන්ධව කරන විමර්ශනයට අදාලව වරෙන්තු නිකුත් වී තිබුණු එම වකවානුවේ වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන තිබේ.
ඉහළ නිලධාරීන්ගේ නියෝග නොතකා අදාල සිදුවීම සම්බන්ධව වැලිගම පොලිසියේ නිලධාරීන් තැබූ සටහන් වෙනස් කිරීම සම්බන්ධව මෙම තැනැත්තාට එරෙහිව ඒ වකවානුවේදීම චෝදනා එල්ල වීය.
2023. දෙසැම්බර් 31 දා සිද්ධ වූ මෙම අපරාධය සම්බන්ධව විමර්ශනය කටයුතු අධිකරණයේ දී විභාගයට ගැනීමේ දී පසුගිය සිකුරාදා (28) එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි.
එහෙත් මේ වනවිට ඒ නිලධාරීන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැති අතර වැලිගම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ද අත් අඩංගුවට ගන්නේ අධිකරණයට භාර වීමෙන් අනතුරුවය.
අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ද මේ සම්බන්ධව මාධ්‍ය ප්‍රශ්න කළ අතර කැබිනට් මාධ්‍යය කීවේ මේ වනවිටත් පුද්ගලයින්ගේ තරාතිරම මම නීතිය ක්‍රියාත්මකවන ආකාරයක් පෙනී යන බවය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ අධිකරණ නියෝගයක් මත වැඩ අත්හිටවූ පොලිස්පති සොයා ගත නොහැකි බවත් ඔහු ඉන්නා තැන පිළිබඳව සොයමින් සිටින බවත්ය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ දේශබන්දු තමන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ද දමා පලා ගොස් ඇති බවකි.







