වැලිගමට මුහුදෙන් ගේන කුඩු ප්‍රබල දේශපාලකයකුගේ වත්තේ සඟවලා

යුධ හමුදා වෑන් රථයක ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා යුධ හමුදා රියදුරකු සහ හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු සමඟ අත්අඩංගුව ට ගත් මත කුඩු තොගය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකදී මුහුදු මාර්ගයෙන් ගෙනෙන මත් කුඩු වැලිගම නාකන්ද ප්‍රදේශයේ හිටපු ප්‍රබලතම දේශපාලකයකුට අයත් වත්තක සඟවා එතැන් සිට අවශ්‍යතා අනුව රහසේ බෙදා හැරෙන බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරන ලද මෙම විමර්ශනයේදී එම ප්‍රදේශයේ දොස්තරවත්ත නම් එම හිටපු දේශපාලන ප්‍රබලයාට අයත් වත්තක සඟවා ඇති අතර එම වත්තේ මුරකරු වන 33 හැවිරිදි පුද්ගලයකු  මෙම ජාවාරමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රුවන් නඳුන් චින්තක හෙවත් හරක් කටා ලෙසින් හඳුන්වන පුද්ගලයා විසින් ඔහුගේ ගෝල බාලයින් මෙම මුරකරු මාර්ගයෙන් වත්තට යවා එහි පොළොව යට වැළලු ප්ලාස්ටික් බැරල්වල මෙම කුඩු රහසිගතව තාවකාලිව ගබඩා කර ඇති බවට හෙළිව ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු රන ලද විමර්ශනයේදී මෙම ප්ලාස්ටික් බැරල් හමුවී ඇතත් එහි සඟවා තැබූ කුඩු ඉවත් කර තිබී ඇත.


කෙසේ වුවද මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිල සුනඛ රුකී විසින් මෙම ප්ලාස්ටික් බැරලවල මත් ද්‍රව්‍ය තිබූ බවට ඉඟි ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මාධ්‍ය්‍යට ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 25 වැනිදා රාත්‍රියේ පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය විසින් හොරණ දී අත්අඩංගුවට ගත් යුධ හමුදා වෑන් රථයේ තිබූ හෙරොයින් තොගය වැලිගම ප්‍රදේශය් සිට ප්‍රවාහනය කළ බවට ලද තොරතුර මත සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය කර ගත හැකි වූ බවත් මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ සිදුවෙමින්  පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version