වැලන්ටයින් දිනය දා බාලවයස්කාර පෙම්වතියට මත්ද්‍රව්‍ය මුසු චොක්ලට් දී සිහි මුර්ජාවුන පසු මිතුරන් සමග දූෂණය කරලා…

දිනසේන රතුගමගේ –

වැලැන්ටයින් දිනය යෙදුණු ඊයේ එය  සැමරීම සදහා සිය පෙම්වතියට  මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී    මිතුරන් දෙදෙනෙකු සමග එක්ව  බාලවයස්කාර දැරිය   දූෂණය කළ   පෙම්වතෙක් පිළිබඳව කිලිනොච්චිය පුණරීන් ප්‍රදේශයෙන්  වාර්තා වේ.  

දාහතර හැවිරිදි මෙම පෙම්වතිය දාහත් හැවිරිදි පෙම්වතා විසින් කැදවා  චොක්ලට් ලබා දී ඇයට් සිහි මූර්ජා වීමෙන් පසුව සිය මිතුරන් දෙදෙනෙකුද සමග එක්ව   දූෂණය කොට තිබේ.

මෙම පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන්ම පළාතේ මත්ද්‍රව්‍ය අලෙවි කරණ අයෙකු   බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු සමග තරුණිය දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනාද ප්‍රධාන සැකකරු සමග එකට මත්ද්‍රව්‍ය පානය කරණ මිතුරන් දෙදෙනෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුනරීන්   පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version