වැදි රැහේ ආදිවාසී ඇත්තියෝ මැදපෙරදිග ගෘහසේවයට අවස්ථාව ඉල්ලති…

මනම්පිටිය නිමල් ජයරත්න –

ආදිවාසී ප්‍රජාවටත් රජයේ වියදමෙන් කුවේට්, සෞදි අරාබිය, ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවයට යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස පොලොන්නරුව් දිස්ත්‍රික්කයේ ගම්මාන 8ක ආදිවාසී කාන්තා නායිකාවවන  කේ ලිසීනෝනා  ඉල්ලීමක් කරයි.

දිඹුලාගල, දලුකාන, යක්කුරේ, මහදමන,ඉහළ යක්කුරේ, පහල යක්කුරේ, කොළකනාවාඩිය ඇතුළු ගම්මාන 8ක ආදිවාසි පවුල් තුන්දාහක සාමාජිකයින්  8000ක් පමණ පිරිසක් රටේ පවතින   ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින බවත්, එම තත්ත්වයට පිළිතුරු සොයා තම ආදිවාසී කාන්තාවක් රැසක් විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඒ සඳහා  අවශ්‍ය මගපෙන්වීම හා ආර්ථික ශක්තිය නැති බවත්   ආදිවාසී නායිකාව  පෙන්වා දුන්නාය,

ඇය මේ බව සඳහන් කළේ ඇයගේ නිවසේ අද ( 01 )  සවස 3 ට පමණ මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


මෙහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇමතූ කේ.ලිසිනෝනා   මෙලෙස ද ප්‍රකාශ කළාය.

“ ලංකාවේ ගොඩක් අය විදෙස් රටවලට ගෘහ සේවයට යනවා, අපිටත් ලංකාවේ කිසිම රස්සාවක් කරන්න තත්ත්වයක් නැහැ, අපිට රස්සාවල් දෙන්නෙත් නැහැ.  අපේ දරුවන්ටත් අපි කන්න බොන්න දෙන්නේත් කැලෑවල රිංගලා බිඳගත්ත කටු අල,  ගඩා ගෙඩි වර්ග… හාල් ගන්නත් වත්කම කමක් නෑ.

අපේ වරිගෙ ආදිවාසී කාන්තාවන් වගේම කැකුළු, කැකුළියෝ ගොඩක් රට යන්න කැමතියි, ඒත් අපිට ඒකට වත්කමක්  මග පෙන්විමක් නෑ.

“මේ ප්‍රදේශවල ගඩොල් කපල, වැලි ගොඩදාලා, වැල් කපල තමා අපේ අය ගොඩක් ජීවත් වුණේ, දැන් ඒ රස්සාවල් නැහැ. අපේ ගම්මානවල ගොඩක් කාන්තාවෝ මට කිව්වා අපිටත් රට යන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන්න කියලා. ඉතින් ඒ සඳහා රජයේ අවධානය යොමු කරලා අපිටත් රට යන්ඩ අවස්ථාවක් සලසා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන්  සහ විදේශ කටයුතු අමාත්‍යවරයාවරයාගෙන්   ඉල්ලා සිටිනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපේ ආදිවාසී ප්‍රජාව ගොඩක් අරක්කු, කසිප්පු, ගංජා,    කුඩුවලට ඇබ්බැහි වෙලා.    ඒ ගැන කොපමණ පැමිණිලි කළත්  සොයලා බලන්නනෙත් නැහැ. ඉතින් ලංකාවේ ඉඳලා අපේ ප්‍රජාවට ගොඩ යන්න තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිටත් රටටත් යමක් කරගන්න අපිටත් විදේශගත වීමට අවස්ථාව සලසා දෙන්න“. ආදිවාසී නායිකාව ඉල්ලයි…

Exit mobile version