වැඩේ නොවුනොත් චීන සමාගම් හා සියලු ගනුදෙණු අවදානමේ… චීන පොහොර සමාගම යළිත් ලිඛිතව තර්ජනය කරයි…

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොහොර තොගය නැවුගත වූයේ සැප්තැම්බර් 17 ණයවර ලිපි නිකුත් කිරීමෙන් දින 6ක් ගෙවුණු සැප්තැම්බර් 23 වෙනිදා බවත්, පොහොර තොගය නියමිත පරිදි බාර ගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘතිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැක කිරීමට හැකි සාධාරණ හේතු පවතින බවත් නිවේදනය කළේය.

යම් තර්ජනාත්මක ස්වරයකින් ලියා ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ දැන්  දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බවය. අධීකරණ නියෝගයක් මත ගෙවීම් නවත්වා ඇති මහජන බැංකුව   ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට යෝජනා කරන බවද එම ලිපියේ සඳහන් වන්නේය.

සමාගම ලංකාවට දැනුම් දෙන්නේ  පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත්ය.


එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි  දක්වා තිබේ.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

 

Exit mobile version