වැඩි මිලට විකුණන්න ලේබල් වෙනස් කළ පරණ පිටි තොගයක් කොටු

flour

දිනසේන රතුගමගේ –

කල් ඉකුත් වූ තිරිගු පිටි තොගයක  මිල වෙනස් කොට අධික මිල ගණන් වලට විකිණීම සදහා සූදානම් කර තිබූ පිටි කිලෝ  විසි දසකට ආසන්න ප්‍රමාණයක්  වවුනියාව හොරොව්පතාන පාරේ පිහිටි ගබඩාවක සඟවා තිබියදී පාරිභෝගික  කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ ( 4 ) අත් අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී  තිරිගු පිටිවල මිල පමණක් නොව කල් ඉකුත් වීමේ දිනය පවා වෙනස් කොට තිබූ බව හෙළි වී ඇත.

මේ වන විට තිරිගු පිටි වල මිල ගණන් ඉහල ගොස් ඇති අතර වවුනියාවේ තිරිගු පිටි තොග වශයෙන් සපයන අලෙවි මධ්‍යස්ථාන වල තිරිගු පිටි වල විශාල හිඟයක් පවතී.


මේ තත්ත්වය මත වවුනියාවේ බේකරි පවත්වා ගෙන යාමට නොහැකි බවටද බේකරි හිමියෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට දණුම් දී තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වවුනියාව  කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version