වැඩි ඡන්ද 2300කින් සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති පුටුවට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන
සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස්‌ මහතා පත්වෙයි.

ඒ අද (24) දිවයින පුරා මධ්‍යස්ථාන 86ක දී පැවැත්වුණු ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 2355ක් එනම් මුළු ඡන්ද 5162ක්‌ ලබා ගනිමිනි.

ප්‍රතිවාදියා වූ කුවේර ද සොයිසා මහතා ලබා ගත්තේ ඡන්ද 2807ක්‌ පමණි.


දිවයින පුරා විසිරී සිටින ලියාපදිංචි නීතිඥ
මහත්ම මහත්මීන්‌ 17,000ක්‌ තම සංගමයේ නව සභාපතිවරයා තෝරා පත්‌ කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම්‌ ලබා තිබිණි.

ඡන්ද විමසීම පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක විය

මෙම ඡන්ද විමසීමකදී තේරීම්භාර නිලධාරීවරයා ලෙස කටයුතු කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර්‌ ජනරාල්වරයෙකු වන සංජේ රාජරත්නම්‌ මහතා ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‌2021-2022 වර්ෂ සඳහා නව සභාපතිවරයා වශයෙන්‌ සාලිය පීරිස් මහතා මෙලෙස තේරී පත්‌ විය.

Exit mobile version