වැඩිහිටියන්ට එන්නත් දී අවසන් වනතෙක් ගෙවල් ඇතුළෙවත් ගැයුම් රැඟුම් එපා

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනගහනයෙන් වැඩි කොටසක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු විශාල ගෘහස්ථ රැස්වීම්, ගායන හා කතාකිරීමේ රැස්වීම් ආදිය ද තාවකාලිකව නැවැත්විය යුතු බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වූ කරුණු පදනම් කරගනිමින් ඇය මේ බව පෙන්වා දී තිබේ.

කැස්ස, කිවිසුම් ආදියෙන් පිටකරන රළු බිඳිතිවලට වඩාත් පහසුවෙන් ගායනය හා කතා කිරීමෙන් පිටවන සියුම් බිඳිතිවල SARS-CoV-2 වැඩි ප්‍රමාණයක් අඩංගු වන බැවින් විශේෂයෙන් ගෘහස්ථව නිරාවරණය වීම අවම කළ යුතු බව එමගින් පෙන්වා දී ඇත.


ඇය පවසන්නේ වැඩිහිටි ජනගහනයට 2 වන මාත්‍රාවෙන් සති 2 කට පසු වනතෙක් හෝ මෙම රැස්වීම් නැවැත්විය යුතු බවයි.

SARS-CoV-2 ශ්වසන බිඳිති සහිත වායු සමීකරණ කළ ඉඩක් තුළ ගත් සාම්පල ද යොදාගෙන මෙම අධ්‍යයනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂඥයින් විසින් COVID-19 රෝගීන් විනාඩි 30 ක් හුස්ම ගැනීමේදී, විනාඩි 15 ක කතා කිරීමේ සහ විනාඩි 15 ක ගායනයේදී විමෝචනය කරන ලද බිඳිති පරීක්ෂා කරමින් මෙම අධ්‍යයනය කර තිබේ

Exit mobile version