වැඩිම ඡන්දදායකයෝ ගම්පහින් – දිගම පත්‍රිකාව දිගාමඩුල්ලෙන්

2020 අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහමැතිවරණ ගැසට් නිවේදනයට අනුව මෙවර වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය බවට  ගම්පහ (1785974) සහ අඩුම ඡන්ද චන්දදායකයින් සිටින දිස්ත්‍රික්කය බවට වන්නි දිස්ත්‍රික්කය (287024) පත්ව ඇත.

මෙවර මහා මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දිස්ත්‍රික්ක 22කට කණ්ඩායම් 304ක් හා ස්වාධීන කණ්ඩායම් 617ක් මැතිවරණ සටනට පිවිස සිටින අතර ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 3652 දෙකක් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයි 3800ක් ඉදිරිපත්ව ඇත.

වැඩිම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි.


ඒ අනුව දිග වැඩිම ඡන්ද පත්‍රිකාව ද දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ඇති අතර එහි දිග අඟල් 23කි.

වැඩිම ඡන්ද මධ්‍යස්ථාන ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 1163කි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1168කි.

එමෙන්ම වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වන ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ් සංඛ්‍යාව 924කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ඡන්ද දායකයින් සංඛ්‍යාව 179209කි. අපේක්ෂක සංඛ්‍යාව අඩුම පොළොනලොන්නරුව දිස්ත්‍රික්කය වන අතර එම සංඛ්‍යාව 152 කි.

Exit mobile version