වැඩිම කොවිඩ් ආසාදිතයන් සමග අද කොවිඩ් මරණ 09ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 09ක් වාර්තා කළේය.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ 94 හැවිරිදි පුද්ගලයෙක්,  පොලොන්නරුව ප්‍රදේශයේ 51 හැවිරිදි පුද්ගලයෙක්,  ලෙව්ල ප්‍රදේශයේ 72 හැවිරිදි පුද්ගලයෙක්, තැන්නෙකුඹුර ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක්, මත්තෙගොඩ ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක්, මාළඹේ  87 හැවිරිදි පුද්ගලයෙක්, කන්තලේ 56 හැවිරිදි පුද්ගලයෙක්, වරකාමුර 53 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම 78 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 696කි.


Exit mobile version